Saturday, June 18, 2011

ප්‍රසන්න ඡයවර්ධනට ඵක්දින අකැපද?

                     ප්‍රසන්න ඡයවර්ධන වර්ථමාන ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායමේ නිත්‍ය සාමාඡිකයෙක් වන අතර  ටෙස්ට් නිත්‍ය කඩුලු රකින්නාද වේ.එය එසේ වුවත් ඔහු එක්දින කණ්ඩායමට  ඇතුලු විමට කිසිදු කතාබහක් ඇති නොවන ක්‍රිඩකයෙකි.ඒ කතාබහට ලක් නොවන්නේ ශ්‍රි ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ කිසිදු අඩු පාඩුවක් නොපවතින බව ක්‍රිකට් බලධාරීන් සිතන නිසාද?මාගේ අදහස නම් ඔහුට එක්දින කණ්ඩාය‍මේ ස්ථානයක් ලබා දීමට බලධාරීන් විමසිලිමත් විය යුතු බවයි.ඔහුගේ ටෙස්ට් කඩුලු රැකීමත් , පිතිකරණයත් මේ වන තෙක් හොදින් පවත්වාගෙන යන අතර මේ වන විට ඔහු ටෙස්ට් තරග 38 කට සහභාගි වි ශතක 3 සමගින් ලකුනු 1339 ලබා සිටි.එක් දින තරග 06 කට ක්‍රිඩා කර ඇතත් ලබා ඇත්තේ මුලු   ලකුනු 20 පමනි.ඔහු අවසන් වරට එක්දින තරගයක් සදහා සහභාගි වි ඇත්තේ 2007 වසරේ පාකිස්ථාන  කණ්ඩාය‍ම සමග අබුඩාබිහිදිය.

                         පැවැත්වෙන ශ්‍රි ලංකා සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට්  තරගාවලියේ කාඩිප් හි පැවති පලමු තරගයේදි මුල් ඉනිමේ ලකුනු 112 ක් හා දෙවන ඉනිමේ ලකුනු 03 ක් ලබා ගත් අතර ,ලෝඩ්ස් හි පැවති දෙවන තරගයේදී මුල් ඉනිමේ ලකුනු 40 ක් හා දෙවන ඉනිමේ නොදැවි ලකුනු 12 ලබා ගත් අතර,රෝස්බෝල් පැවැත්වෙන තෙවන ක්‍රිකට්  තරගයේ වේග පන්දු යවන්නන්ට උචිත රෝස්බෝල් තණතීරුවේ මුල් ඉනිමේ ශ්‍රි ලංකා කණ්ඩාය‍ම ලකුනු 182 දැවි ගිය අතර එහිදි ඔහු ලකුනු 43 ලබා ගත් අතර ඔහුගේ සහයට ක්‍රිඩකයෙකු සිටියේ නම් එයට වඩා දෙයක් ඔහුට සිදු කිරීමට තිබුනි.විශේෂයෙන්ම ශ්‍රි ලංකාවෙන් පිටත  එංගලන්තය වැනි මෙවැනි වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු වලදී දස්කම් දැක්වීමට හැක්කේ සුවිශේෂ පිතිකරුවන්ට පමණි.

                  වර්ථමාන ශ්‍රි ලංකා  එක්දින කණ්ඩායමේ කලක සිට එන  පිතිකරු ලැයිස්තුවේ 05,06,07 ස්ථාන සදහා ස්ථාවර පිතිකරුවන්  නොමැති වීමේ ප්‍රශ්ණයට මෙතෙක් පිලියමක් නොමැති අතර ප්‍රසන්න ඡයවර්ධනත් එම ස්ථානයට යොදවා බැලීමට සුදුසු වන ක්‍රිඩකයෙක් වන බව මාගේ හැගීමයි.තිලිණ කණ්ඩම්බි උප නායකයා ලෙස පත් කොට කණ්ඩායමට පැමිනීමත් සමග ස්ථාවර පිතිකරුවකු සේ කණ්ඩායමට පිවිසීමත් ,තිලාන් සමරවීරගේ ස්ථානය අහිමි වීමත් සිදුවේ.තිලිණ කණ්ඩම්බි එසේ මානසික ශක්තිමත් බවක් සමග කණ්ඩායමට එක්කිරීම ඉතාමත් සුදුසු ක්‍රියාවක් බව මාගේ විශ්වාසයයි.එවිට තරංග(මෙම සංචාරයෙන් ඉවත් කෙරුනු),දිල්ශාන්,සංගා,මහේල,කණ්ඩම්බි සමග ස්ථාවර පිතිකරුවන් 05 දෙනෙකු සිටින අතර 06,07 ස්ථාන සදහා මැතිව්ස් පැමිණියත් අනෙක් තැනට සුදුසු අයෙක් ලෙස  ප්‍රසන්න ඡයවර්ධන නම් කල හැකිය.නමුත්  බලධාරීන් ප්‍රසන්න ඡයවර්ධන ,තරංග පරණවිතාන පිතිකරුවන් ටෙස්ට් ලේබලයේ හංවඩු ඔවුන්ගේ නියම සේවය ලබා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් වන අතර එයින් සිදුවන්නේ ක්‍රිඩකයෙකුගේ හොද කාලයෙන් පලක් ලබා නොගැනීමයි.

No comments:

Post a Comment