Wednesday, August 27, 2014

                  අන්තර්ඡාලය හරහා මුදල් සොයමු

 -On Line Money-

    අන්තර්ඡාලය හරහා මුදල් සොයන්න මේ කාලයේ ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා.අන්න ඒ අයටයි මේ
    post එක.on line jobs ගැන ගොඩක් දෙනෙකුගේ විශ්වාසය අඩුයි.නමුත් හොද ආයතන සමග එකතු වෙලා
    ඉවසීමෙන් වැඩ කලොත් කාලයක් යන විට හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.ඉතිං අපේ වේලාවෙන්  පැය
    1-2ක් වගේ කාලයක්මේකට උනන්දුවෙන්, ඉවසීමෙන් වැය කලොත්  සල්ලි හොයන එක අමාරු නැහැ.         Ads Click කියන්නේ අන්තර්ඡාලය හරහා කරන්න පුලුවන් පහසු job එකක්.නමුත් සමහරක්  PTC sites
    තිබෙනවා විශ්වාසවන්ත භාවය අඩුයි.ඒත් 100% ක්ම විශ්වාස කරන්න පුලුවන් වෙබ් අඩවි සොයාගෙන           ඒවා සමග සම්බන්ධ වි කරන එක තමයි හොද.ඉතිං Ads Click කියන්නේ ඉක්මනින්ම විශාල ආදායමක්
    සොයන්න පුලුවන් රැකියාවක් නොවුවත් ඉතාමත් ඉවසීමෙන් වැඩ කලොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න
    පුලුවන්.ඉතිං මම අද හදුන්වලා දෙන්න යන්නේ අන්න ඒ විශ්වාසවන්ත sites කිහිපයක්.

 
    01.neobux


          ඉතාමත් විශ්වාසවන්ත වෙබ් අඩවියක් වන මෙය එක් දැන්වීමක් කියවීම සදහා ගෙවන මුදල වන්නේ
      ඇ.ඩො 0.001 කි.එම මුදල ප්‍රමාණවත් නොවේ නොසිතා එයට සම්බන්ධ වි දිනකට ලැබෙන දැන්වීම්
      සියල්ල කියවීමෙන් හා ඹබගේ Link එක මාර්ගයෙන් තවත් අය මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම
      (referral) හා referral මිලදී ගැනීම මගින් ආදායම වැඩි කර ගැනීම කල් ගත වෙන විට සිදු කර ගත හැකිය.
      ලියාපදිංචි වි වැඩ කිරීමට මෙතන click කරන්න.


    02.Clicksense
                     


      තවත් විශ්වාසවන්ත වෙබ් අඩවියක් වන මෙය එක් දැන්වීමක් කියවීම සදහා ගෙවන මුදල වන්නේ ඇ.ඩො
      0.001කි.තවද වැඩි වටිනාකමකින් යුතු 0.01 දැන්වීම්ද ලැබෙන අතර ඒවා පලමුවෙන් click කිරීම වඩාත්
      සුදුසු වන්නෙ වැඩි ආදායමක් ලබා ගැනීම සදහාය.neobux මෙන් ඹබගේ Link එක මාර්ගයෙන් තවත් අය
      මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම මගින් ආදායම වැඩි කර ගැනීම කල් ගත වෙන විට සිදු කර ගත  
      කර ගත හැකිය.ලියාපදිංචි වි වැඩ කිරීමට මෙතන click කරන්න.


     03.Probux
                           
                           
   

           ඉහල ගෙවීමක්  කරන මෙම වෙබ් අඩවියේ ලැබෙන දැන්වීම් ප්‍රමාණයද  වැඩිය.0.001 වටිනාකමකින්            යුතු දැන්වීම් ලැබෙන අතර 0.01 හා 0.015 වටිනාකමකින් යුතු දැන්වීම්ද වැඩි වශයෙන් ලැබේ.අනෙකුත්
        වෙබ් අඩවි මෙන් මෙහිදීද referral,pro grid,rent referral මාර්ග වලින් මුදල් සෙවිය හැකි අතර මෙයත්
        විශ්වාසවන්ත හා වැඩි දෙනෙක් භාවිතා කරන ඡනප්‍රිය වෙබ් අඩවියකි.ලියාපදිංචි වි වැඩ කිරිමට
          මෙතනින් යන්න.


       04.PTCircle

                       


      දක්වා ඇති සියලුම වෙබ් අඩවි වලට වඩා වැඩි  ගෙවීමක් කරනු කරන මෙය High Paying PTC Site
        එකකි.මෙහිදි 0.03 වැනි ඉහල වටිනාකමකින් යුතු දැන්වීම් මුලින්ම පවා ලැබෙන අතර මෙහි
        membership  වර්ග කිහිපයක් ඇත.
       
        1.Protium(ප්‍රෝටියම්)
     2.Hydrogen(හයිඩ්‍රොජන්)
     3.Deuterium(ඩියුටරියම්)
     4.Tritium(ට්‍රිටියම්)

      මුලින්ම ඹයාල ලියාපදිංචි වි වැඩ කරන විට ලැබෙන්නේ Protium(ප්‍රෝටියම්) membership එකයි.
         එහිදි 0.0300 වටිනාකමකින් යුතු දැන්වීම් 15 ක් දිනකට ලැබෙනවා.ඒ කියන්නේ  දිනකට ඩොලර්
         බාගයකට ආසන්න ගානක් . මේ පියවරේ දින කිහිපයක් වැඩ කරලා Account එක ඩොලර් 06ක් 
      උනාම ඒක ගෙවලා(Account Upgrade) මීලග membership එක වන Hydrogen ලබා ගන්න
       පුලුවන්.
         
          Hydrogen membership එකේදි ඹබට ලැබෙන්නේ 0.0700 වටිනාකමකින් යුතු දැන්වීම් 15ක්
         දිනකට.ඒකියන්නෙ දවසට ඩොලර් 1.05 ක් ගානක්.රුපියල් වලින් නම් 140ක් පමණ.
       
       ඉතිං අර විදිහටම ගිණුමේ මුදල් ඩොලර් 39ක් වියදම් කරලා අනෙත් සාමාඡිකත්වය වන 
         ඩියුටරියම් ලබා ගන්න පුලුවන්.ඩියුටරියම් මෙම්බර්ෂිප් එකේදි ඹබට ලැබෙන්නේ පහත අගයන්
         වලින් යුතු දැන්වීම්. ලැබෙන මුලු දැන්වීම්  ගණන 50ක්.   
          
          0.07 ඇඩ් 32=2.24$
       0.05 ඇඩ් 08=0.4$
       0.03 ඇඩ් 08=0.24$
       0.01 ඇඩ් 02=0.02$
                             
        සම්පූර්ණ දැන්වීම් 50 දිනකට ක්ලික් කිරීමෙන් 4.1$ විතර හොයන්න පුලුවන් එක් දිනකදි.
       අන්න ඒ විදිහට තමයි ආදායම වැඩි කර ගැනීම කල යුත්තේ.තවද මෙහිදිදි Bux Bones,Rent
          referral මාර්ග වලින් මුදල් සෙවිය හැකි අතර තවත් වැදගත් කරුනක් නම් මෙහි එන මිනී ඹලු
          ඇඩ්ස් ක්ලික් කරන්නනම් යන්න එපා. ඒවා ක්ලික් කරොත් ඹබගේ ගිණුමෙන් 0.03 අඩු
       වේ.මෙම මිනී ඹලු ඇඩ්ස් ලැබෙන්නේ දැන්වීම් කියවනු ලබන්නේ යම් Auto run program එකක්
           හෝ Machine එකක් විසින්ද යන්න සෙවිමට පිලියමක් වශයෙන්.

          ඩියුටරියම් හා  ට්‍රිටියම් මෙම්බර්ෂිප් එක තියෙන අයට නම් මිනී ඹලු දැන්වීම් එන්නේ නැහැ.ඉතිං
          ඒ වගේ මෙම්බර්ෂිප් එකකට කැපවීමෙන් වැඩ කරලා ගියොත් හොද ප්‍රතිඵල ගන්න එක අමාරු
          නැහැ.මෙම්බර්ෂිප් ගෙවලා ගන්න(Account ) එක අනිවාර්ය නැහැ.අවශ්‍ය නම් ප්‍රෝටියම් එකේ
       උනත් දිගටම වැඩ කරන්න පුලුවන්.Register වෙන්න මෙතනින් යන්න.
       
     
         05.GPT Network

                       


                 මේකත්  අලුතෙන් පටන් ගත්ත ‍හොද ගෙවීම් කරන වෙබ් අඩවියක්. මේ අඩවියේ දැන්වීම්
         ගෙවීම් වන්නේ 0.01 දැන්වීම් හා 0.005 වටිනාකමකින් යුතු දැන්වීම් දිනකට 25ක් පමණ ලැබේ.referral
         link නැතිව ලියාපදිංචි වි වැඩ කරන විට නම් එතරම් දැන්වීම් ලැබෙන්නේ නැහැ.ඒක බොහෝ PTC
         අඩවියකටම පොදු ලක්ෂණයක්.ඔබ යම් කෙනෙක් මාර්ගයෙන් යම් අඩවියකට සම්බන්ධ වි වැඩ
         කරන විට ඔබට ලැබෙන දැන්වීම් ප්‍රමාණය වැඩි වන අතර එසේ නොමැතිව කෙලින්ම ඔබ එම අඩවි
         වල ලියාපදිංචි වි වැඩ කරන විට ඔබට ලැබෙන්නේ අඩු දැන්වීම් ප්‍රමාණයක්.මේ වෙබ් අඩවියේත්
         Earning Options ලෙස ඇති Rent referral,Adgrid යන Options වලින් ඔබගේ Account අගය වැඩි කර
         ගත හැකිය.මෙතනින් ගිහින් Register වෙන්න පුලුවන්.

        ඇත්තටම ඇඩ් ක්ලික් කිරීම අන්තර්ඡාලය තුල කරන්න පුලුවන් පහසු රැකියාවක්.ඇඩ් ක්ලික්
      කිරීම තුලින් පමණක් මුදල් උපයන්න නොයා ඒ හැම සයිට් එකකම ඇති අනෙත් ඉපයීම් අවස්ථා
      වලටත් යන එක තමයි ඉපයීම වැඩි කර ගන්න මග.උදාහරණයක් ලෙස Adgrid,progrid වැනි
      grid ක්ලික් කිරීමේදි ඔබට ලැබෙන්නේ කුඩා කොටු වලින් සමන්විත එක් විශාල කොටුවකි.
      මෙම කුඩා කොටු මත ක්ලික් කල යුතු අතර එය යොමු වන්නේ අනුග්‍රාහක වෙබ් අඩවියකටය.
      මෙම ක්ලික් කිරීමේදිත් (ඇඩ් ක්ලික් මෙන්)තත්පර කිහිපයක් දැන්වීම කියවීමෙන් ක්ෂණික ඉපයීම්
      අවස්ථා ලබා ගත හැකිය.තවද Rent referral කිරීමේදි ඔබගේ ගිණුමෙන් මුදල් ගෙවා සීමාසහිතව
      Rent referralලා ලබා ගත හැකිය.මේ කුලියට ගත් referralලා යනු එම වෙබ් අඩවිය විසින් අපට ලබා
         දෙන අයයි.අපි කුලි කාරයන් 5ක් මිලදි ගත්තේ යැයි සිතන්න.මේ කුලි කාරයන් (Rent referral) ක්ලික්
         කරන සෑම දැන්වීමකටම අපටත් කොමිස් මුදලක් ලැබේ.එක් අයෙක් දැන්වීම් 20ක් ක්ලික් කල
      හොත් මුලු දැන්වීම් 100කි.මේ ගණන කුලි කාරයන් 05 දෙනෙකුගෙනි.Rent referralලා හැකි
        පමණ මිලට ගැනීම මගිනුත් ආදායම වැඩි කර ගත හැකිය.තවත් අවස්ථාවක් වන්නේ Direct Referral
         ලබා ගැනීමයි.මෙහිදි සිදු වන්නේ අප විසින් තවත් අය එම අඩවියට සම්බන්ධ කිරීමයි.මෙහිදීද අප
         විසින් සම්බන්ධ කල අය කියවනු ලබන සෑම දැන්වීමකටම අපටත් කොමිස් මුදලක් ලැබේ.තවත්
      අය සම්බන්ධ කිරීම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් මගින් සිදු කල හැකිය.

          ඉතිං ගොඩක් අය මේ ගැන දන්නවා ඇති නොදන්න අයට ප්‍රශ්ණයක් ඇති මෙසේ උපයන මුදල් අපේ
        අතට ලබා ගන්නේ කොහොමද කියලා ඇත්තටම අපි උපයන ඒ මුදල් On line Bank Account එකක්
        හරහා අප රටේ බෑන්ක් Account එකකට බැර කර ගන්න පුලුවන්.අන්තර්ඡාල බැංකු පහසුකම් සපයන
        විශ්වාසවන්ත වෙබ් අඩවියක (payza,paypal,Skrill)ගිණුමක් සදා ගෙන ඒ හරහා චෙක් පත් මාර්ගයෙන්
        අප නිවසටම හෝ Account එකකට බැර කර ගන්න පුලුවන්.අවශ්‍ය නම් payneer වැනි වෙබ් අඩවියක
        මාර්ගයෙන් ගිණුමක් සදා එය විසින් නිකුත් කරනු ලබන Master Card එක අප නිවසටම ගෙන්වා ගන්න
        පුලුවන්.
   
        On line Bank Account එකක් හදන්නේ කොහොමද ,ඒ  හරහා අපි උපයන මුදල් අපේ අතට ගන්නේ
        කොහොමද,අපිටම කියලා බ්ලොග් එකක් හදා ගන්න හැටි,අපි වැඩ කරන PTC  sites  වල ලින්ක්
        අපි හදා ගන්න  බ්ලොග්  එක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරලා referralලා වැඩි කර ගත හැකි අයුරු හා අන්තර්
        ඡාලය හරහා කරන්න පුලුවන් අනෙකුත් රැකියා ගැන ඉදිරියේදි පල කරන්න බලාපොරොත්තු වෙමි.
        එසේනම් ගිහින් එන්නම්.
                 
                                                   

No comments:

Post a Comment