Wednesday, July 20, 2011

Dialog අයගේ අපූරු Reload තෑග්ග.

                             මමත් ඉතින් Dialog පාරිභෝගිකයෙක්නේ.ඉතින් හරියටම පසුගිය අප්‍රේල් මාසයේ මම රු50ක් Reload කලා මගේ  Dialog pre paid phone sim එකට.ඔන්න පැයකට විතර පස්සේ message එකක් එනවා "Dialog  
දවසේ Reload වාසනාවන්තයගෙන් ඔබත් එක් අයෙක් ඔබ විසින් vodafone 150 වර්ගයේ mobile phone එකක් දිනා ගෙන ඇති බව සතුටින් පවසන බවත් ඉදිරි සති දෙක ඇතුලත අප විසින් ඔබව සම්බන්ද කර ගනු ලබන බවත්ය.අන්න ඕක තමයි message එක.
                         
                              ඉතින් ඊට පස්සේ මටත් ටිකක් විතර සතුටුයි මොකද නිකම් ලැබෙනවානම් දෙමල පත්තර නේද?මම call කරා Dialog එකට මේක ගැන අහන්න.ප්‍රතිචාර ලැබුනේ ලස්සනට හැඩ වැඩ දාලා කථා කරපු lady
කෙනෙක්ගෙන් එයා කාරණේ සනාථ කරන ගමන් "sir ඔය  phone එක market එකේ 8000 rupees විතර වෙනවානේ කියලා එයා කථාව අවසන් කලානේ......

                                  ඉතින් මමත් නිකමට වගේ  phone එක ගැන හොයන්න log වුනා.අනේ.... ඒ  phone එක
හරිම බාල ලංකා‍වේ සල්ලි වලින් රුපියල් 1500 කටත් අඩු  phone එකක්නේ.ඒත් කමක් නැහැ නිකම්ම ගෙදරටත්
ගෙනත් දෙනවා කිව්වනේ.ඉතින් සති දෙකත් පහු වුනා Dialog එකෙන් කිසිම කතාවක් නැහැ.මමත් ඉතින් calls දෙක තුනක්ම ගත්තා.පස්සේ තවත් සති දෙකකින් විතර ගෙදරටම ගෙනත් ඔය යට පින්තූර වල තියෙන phone පොඩ්ඩව මට ගෙනත් දුන්නනේ.




                  අනේ හරිම බාල phone පොඩ්ඩෙක්.display එකේ ගහන නම්බර් එක වත් සම්පූර්ණයෙන් පේන්න
වත් ඉඩක් නැහැ.කමක් නැ ඉතින් නිකම්නේ......මම වෙනත් connection එකක් පාවිච්චි කරන්න අවශ්‍යතාවයෙනුත් හිටිය නිසා මම Etisalat sim එකක් ඒකට දැම්මනේ අනේ බලන්නකෝ ඒකත් connection lock එකක් දාලානේ අච්චර බාල  phone පොඩ්ඩටත්.අපූරු තෑග්ග..ඒකත් කමක් නැ ඉතින් නිකම්නේ කියලා හිතාගෙන Dialog sim එකක්ම දාගෙන සති දෙකක් විතර පාවිච්චි කලා.අනේ දැන්නම්  phone පොඩ්ඩා හොදටම ලෙඩ වෙලා.call එකක් ගන්නත් බැහැ.answer කරන්නත් බැහැ.button එකක්වත් press කරන්නත් බැහැ. phone එක හදන්න යන සල්ලි වලින් ඒ වගේ එකක් ගන්නත් බැරි ඇයි නේද?ඒ නිසා මම හිතුවා Dialog මතක් වෙන්න ඒක පෙට්ට ගමේ දාලා අරන් තියනවා කියලා.


පසුවදන හැටියට - මේකත් සදහන් කරන්නම්.මේක නිකම් දුන්න දේ වටින්නේ නැතිව විවේචනය කිරිමක් නොවේ.ඔය වගේ නම තියෙන ආයතන දැන ගන්න ඕන තමන්ගේ නම රැක ගන්නේ කොහොමද කියලා.පාරිභෝගිකයන්ව මුලා කරන්න හැම දාම එයාලට බැහැ.තවම 17-18 සියවස් නොවෙයිනේ නේද?අපරාදේ මගේ  calls වලට ගිය සල්ලියි .කාලයයි.බොහෝම ස්තූතියි  Dialog ඔබලාගේ අපූරු තෑග්ගට.

No comments:

Post a Comment