Saturday, March 1, 2014

යමුද බලන්න මොණරාගල අපූරු තැනක්

          අපි කවුරුත් කැමතියි පරිසරයේ සුන්දර තැන් රස විදින්න.ගැවසෙන්න.ඊට පස්සේ මාර spot එක
බන්, කියලා කවුරු හරි යාලුවෙක්ට කියන්නත් හරිම කැමතියි නේද.ඡීවිතයේ පවුල් බැදීම්, වගකීම් වලට
හිරවෙලා එක පාරටම පරිසරයට එබී බලනකොට හැම ප්‍රශ්ණයක්ම මොහොතකට අමතක වෙලා අලුත්
හැගීමක් දෙනවා.මමත් පෞද්ගලිකව එහෙම කෙනෙක්.ඡීවිතයටම නොගිය ලෝකයේ තිබෙන  සුන්දර
තැන්,පුදුම හත වගේ තැන් වල photos,videos පවා අන්තර්ජාලයෙන් අරගෙන ඒ දිහා බලලා හරි මම රස
විදිනවා.
                       ඉතිං අපේ ගම මොණරාගලනේ.අපේ ගමේ සුන්දරත්වය පවා අපට හරියට වැටහෙන්න
ගමෙන් පිට වෙන්නම ඕන.ඉතින් ඒ විදිහට පසුගිය දිනවල ගමේ ටික කාලයක් ඉන්න අවස්ථාව ලැබුනා.
ගමත් දැන් හරිම දියුණුයි.දැන් ගැමි බව ගිලිහි යමින් පවතින්නේ.පාර දිගේ හෙවන දුන්න අති විශාල මාර
ගස්,නාගරික උද්‍යානය මොනවත් නැහැ.හැම දෙයක්ම මහ පාරට යට වෙලා ගිහින්.සමහරක් දේශපාලන
අවශ්‍යතා වලට.ඉස්සර ගම මතක් වෙනකොට මැවෙන්නේ හරි අපූරු චිත්‍රයක්. ඉතිං කතාවට එමු  මගේ
මිත්‍රයකු වන සුජිත් යෝජනා කලා මචං දිය ඇල්ලක් වගේ එකක් තියෙනවා  යමුද බලන්න කියලා .එහෙම
කිව්වේ කලකින් සෙට් වෙලා fun එකක් දාන්න කරුණු ගොනු කරන අතරතුර.මමත් ඒ වගේ තැන් වලට
කොහොමත් ආස නිසාත්,තැනත් ලග නිසාත් කැමති වුනේ එතැන එච්චර සුන්දර තැනක් වේවි කියලා
නොසිතා.
                            අපි මොණරාගල නගරයේ ඉදන් හුලංදාව හංදියෙන් දකුණ මාර්ගයේ දිගටම ඇවිත්
පන්සල පහුවුනාම හමුවෙන වැලි පාරට හරවලා දිගටම ආවා.එහෙම දිගටම ඇවිත් හුලංදාව  දකුණ වැවත්
පසු කරලා කි.මි.02 ක් විතර ගියාම (මේ තැන අයිති වෙන්නේ සුදුවතුරආරට කියලයි මා මිත්‍රයා කිව්වේ )
පයින් යන්න පුලුවන් ජලය හිදුනු ඇල පාරක් හමුවෙනවා. ඒ දිගටම උඩට යන්න ඕන.වතුර නම් ඇල පාරේ
හරිම අඩුවෙන් තිබුනේ,මොකද අපි ගියේ පෙබරවාරි මාසේ මුල් කාලයේ ඒ වෙන කොටත් මේ පැත්තට
මාස දෙකකින් විතර වැස්ස නැහැ.ඉතිං ඒ ඇල පාරේ මීටර් 20ක් විතර උඩට ගියාම තමයි මේ ලස්සන චූටි
දිය ඇල්ල පේන්නේ.



 ඉතිං ලගටම ගියාම  මේ   චූටි දිය ඇල්ල හරිම ලස්සනයි,සුන්දරයි.පොඩියට පෙනුනට මෙහි සාමාන්‍යයෙන්
ලොකු ජල ප්‍රමාණයක් තිබෙනවා.වතුර නිල් පාට ඉතාමත් පිරිසිදු වතුර.මිනිස් ඇසින් සැගවෙලා ඇති තැනක්
නිසා වටපිටාවත්,වතුරත් හරිම පිරිසිදුයි.දිය ඇල්ල වැටෙන තැන ගොඩක් ගැඹුරුයි.නානවනම් පරිස්සම් වීම
අවශ්‍යයි.

                                         
                                       මා මිත්‍රයාගේ උවමනාව මත අපි දිය ඇල්ල උඩටත් නැග්ගා.මම නම් මගේ ශරීරයේ
බර වැඩි කමට අපහසුවෙන් වුවත් එය නැරඹීමට තිබු උනන්දුව නිසාමයි එහි උඩට නැග්ගේ.ඒකත් හරිම අපූරු
විදිහට තමයි කඩා වැටීම සදහා ජලය එක් රැස් වෙන්නේ.ගල් වලින් වට වුන බේසමක් වගේ තැනකින් තමයි
වතුර එකතු වෙන්නේ.  වතුර එතනට එන්නේ ඒ ගල් යටින්.පහලින් තියෙන 1 රූපය බලන්න.

      
රූපය

     මාස දෙකකින් විතර වැස්ස නැති නිසා  මේ වතුර අඩු කාලයක්.හිතන්න වැස්ස තියෙන කාලයට මෙතන කොපමණ ලස්සනට ඇතිද.හරිම අපූරු අපි නොදන්න තැනක්.අවට පරිසරයත් හරිම  ලස්සනයි.
කලුවර ගස්,කුඹුක් ගස් වලින් වට වුන වට පිටාවත් ,පැත්තකින් තවත් දිය සිදුන ගල් තලාවක්.අපි ඒ තැන
වාඩිවෙලා අවට ඉරිගු හේනකින් ගත්ත ලා බඩ ඉරිගු පුලුස්සලා කෑවේ වේලිච්ච කලුවර කේාටු පත්තු කරලා.
විශාල කලුවර  ගසක් කැලැ හොරෙක්ගේ ග්‍රහණයට නතු වෙලා බිමට පතිත වෙලා තිබුනේ දුක් මුසුව.



   

            ඇත්තටම මේ තැන සංචාරයට කදිමයි.විනෝදයි.යන්න රස විදින්න.එතනදි පරිසරයට,සුන්දරත්වය
රැක ගැනීමත් අවශ්‍යයම දෙයක්.එතකොට තමයි රස විදීම දිගටම කරන්න පුලුවන්.ලෝකයෛ් පැවැත්ම
මුදලට,බලයට යට වෙන කාලයක පරිසරය වෙනුවෙන් පොඩි දෙයක් කරමු.නැවත හමුවෙමු.




                                                                                             



No comments:

Post a Comment