දෛවයේ සරදම් ඔබෙන් ලද
දරා ගන්නට නොහැකි වුනි මට
ඔබෙන් ලද උනුසුමද අරගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට........//
පෙරැම් පිරැවෙමි අහිංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතියේ ඔබ මට
නොදැනුනිද ආදරය ඔබ හට
නොදැනුනිද ආදරය ඔබ හට
දෛවයේ සරදම් ඔබෙන් ලද......//
ගගන තලයට වඩා වැඩි වුන
ප්‍රේමයක් ඇත තවම සිත තුල
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තියෙන තුරු මම
ආදරෙයි දිවි තියෙන තුරු මම
දෛවයේ සරදම් ඔබෙන් ලද......//
No comments:
Post a Comment