Wednesday, October 15, 2014

 දවසකට පැයක් වැඩ කරලා මාසකට 30000/= ක්      
                      සොයන්න
එන්න පහත බැනරය ක්ලික් කර ලියාපදිංචි වෙන්න

 100% විශ්වාසි අඩවියක වැඩ කරමු.කරන විදිහ මගෙන් අහන්න.
  champdiss@gmail.com
   

Wednesday, August 27, 2014

                  අන්තර්ඡාලය හරහා මුදල් සොයමු

 -On Line Money-

    අන්තර්ඡාලය හරහා මුදල් සොයන්න මේ කාලයේ ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා.අන්න ඒ අයටයි මේ
    post එක.on line jobs ගැන ගොඩක් දෙනෙකුගේ විශ්වාසය අඩුයි.නමුත් හොද ආයතන සමග එකතු වෙලා
    ඉවසීමෙන් වැඩ කලොත් කාලයක් යන විට හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.ඉතිං අපේ වේලාවෙන්  පැය
    1-2ක් වගේ කාලයක්මේකට උනන්දුවෙන්, ඉවසීමෙන් වැය කලොත්  සල්ලි හොයන එක අමාරු නැහැ.         Ads Click කියන්නේ අන්තර්ඡාලය හරහා කරන්න පුලුවන් පහසු job එකක්.නමුත් සමහරක්  PTC sites
    තිබෙනවා විශ්වාසවන්ත භාවය අඩුයි.ඒත් 100% ක්ම විශ්වාස කරන්න පුලුවන් වෙබ් අඩවි සොයාගෙන           ඒවා සමග සම්බන්ධ වි කරන එක තමයි හොද.ඉතිං Ads Click කියන්නේ ඉක්මනින්ම විශාල ආදායමක්
    සොයන්න පුලුවන් රැකියාවක් නොවුවත් ඉතාමත් ඉවසීමෙන් වැඩ කලොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න
    පුලුවන්.ඉතිං මම අද හදුන්වලා දෙන්න යන්නේ අන්න ඒ විශ්වාසවන්ත sites කිහිපයක්.

 
    01.neobux


          ඉතාමත් විශ්වාසවන්ත වෙබ් අඩවියක් වන මෙය එක් දැන්වීමක් කියවීම සදහා ගෙවන මුදල වන්නේ
      ඇ.ඩො 0.001 කි.එම මුදල ප්‍රමාණවත් නොවේ නොසිතා එයට සම්බන්ධ වි දිනකට ලැබෙන දැන්වීම්
      සියල්ල කියවීමෙන් හා ඹබගේ Link එක මාර්ගයෙන් තවත් අය මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම
      (referral) හා referral මිලදී ගැනීම මගින් ආදායම වැඩි කර ගැනීම කල් ගත වෙන විට සිදු කර ගත හැකිය.
      ලියාපදිංචි වි වැඩ කිරීමට මෙතන click කරන්න.


    02.Clicksense
                     


      තවත් විශ්වාසවන්ත වෙබ් අඩවියක් වන මෙය එක් දැන්වීමක් කියවීම සදහා ගෙවන මුදල වන්නේ ඇ.ඩො
      0.001කි.තවද වැඩි වටිනාකමකින් යුතු 0.01 දැන්වීම්ද ලැබෙන අතර ඒවා පලමුවෙන් click කිරීම වඩාත්
      සුදුසු වන්නෙ වැඩි ආදායමක් ලබා ගැනීම සදහාය.neobux මෙන් ඹබගේ Link එක මාර්ගයෙන් තවත් අය
      මෙම වෙබ් අඩවියට සම්බන්ධ කිරීම මගින් ආදායම වැඩි කර ගැනීම කල් ගත වෙන විට සිදු කර ගත  
      කර ගත හැකිය.ලියාපදිංචි වි වැඩ කිරීමට මෙතන click කරන්න.


     03.Probux
                           
                           
   

           ඉහල ගෙවීමක්  කරන මෙම වෙබ් අඩවියේ ලැබෙන දැන්වීම් ප්‍රමාණයද  වැඩිය.0.001 වටිනාකමකින්            යුතු දැන්වීම් ලැබෙන අතර 0.01 හා 0.015 වටිනාකමකින් යුතු දැන්වීම්ද වැඩි වශයෙන් ලැබේ.අනෙකුත්
        වෙබ් අඩවි මෙන් මෙහිදීද referral,pro grid,rent referral මාර්ග වලින් මුදල් සෙවිය හැකි අතර මෙයත්
        විශ්වාසවන්ත හා වැඩි දෙනෙක් භාවිතා කරන ඡනප්‍රිය වෙබ් අඩවියකි.ලියාපදිංචි වි වැඩ කිරිමට
          මෙතනින් යන්න.


       04.PTCircle

                       


      දක්වා ඇති සියලුම වෙබ් අඩවි වලට වඩා වැඩි  ගෙවීමක් කරනු කරන මෙය High Paying PTC Site
        එකකි.මෙහිදි 0.03 වැනි ඉහල වටිනාකමකින් යුතු දැන්වීම් මුලින්ම පවා ලැබෙන අතර මෙහි
        membership  වර්ග කිහිපයක් ඇත.
       
        1.Protium(ප්‍රෝටියම්)
     2.Hydrogen(හයිඩ්‍රොජන්)
     3.Deuterium(ඩියුටරියම්)
     4.Tritium(ට්‍රිටියම්)

      මුලින්ම ඹයාල ලියාපදිංචි වි වැඩ කරන විට ලැබෙන්නේ Protium(ප්‍රෝටියම්) membership එකයි.
         එහිදි 0.0300 වටිනාකමකින් යුතු දැන්වීම් 15 ක් දිනකට ලැබෙනවා.ඒ කියන්නේ  දිනකට ඩොලර්
         බාගයකට ආසන්න ගානක් . මේ පියවරේ දින කිහිපයක් වැඩ කරලා Account එක ඩොලර් 06ක් 
      උනාම ඒක ගෙවලා(Account Upgrade) මීලග membership එක වන Hydrogen ලබා ගන්න
       පුලුවන්.
         
          Hydrogen membership එකේදි ඹබට ලැබෙන්නේ 0.0700 වටිනාකමකින් යුතු දැන්වීම් 15ක්
         දිනකට.ඒකියන්නෙ දවසට ඩොලර් 1.05 ක් ගානක්.රුපියල් වලින් නම් 140ක් පමණ.
       
       ඉතිං අර විදිහටම ගිණුමේ මුදල් ඩොලර් 39ක් වියදම් කරලා අනෙත් සාමාඡිකත්වය වන 
         ඩියුටරියම් ලබා ගන්න පුලුවන්.ඩියුටරියම් මෙම්බර්ෂිප් එකේදි ඹබට ලැබෙන්නේ පහත අගයන්
         වලින් යුතු දැන්වීම්. ලැබෙන මුලු දැන්වීම්  ගණන 50ක්.   
          
          0.07 ඇඩ් 32=2.24$
       0.05 ඇඩ් 08=0.4$
       0.03 ඇඩ් 08=0.24$
       0.01 ඇඩ් 02=0.02$
                             
        සම්පූර්ණ දැන්වීම් 50 දිනකට ක්ලික් කිරීමෙන් 4.1$ විතර හොයන්න පුලුවන් එක් දිනකදි.
       අන්න ඒ විදිහට තමයි ආදායම වැඩි කර ගැනීම කල යුත්තේ.තවද මෙහිදිදි Bux Bones,Rent
          referral මාර්ග වලින් මුදල් සෙවිය හැකි අතර තවත් වැදගත් කරුනක් නම් මෙහි එන මිනී ඹලු
          ඇඩ්ස් ක්ලික් කරන්නනම් යන්න එපා. ඒවා ක්ලික් කරොත් ඹබගේ ගිණුමෙන් 0.03 අඩු
       වේ.මෙම මිනී ඹලු ඇඩ්ස් ලැබෙන්නේ දැන්වීම් කියවනු ලබන්නේ යම් Auto run program එකක්
           හෝ Machine එකක් විසින්ද යන්න සෙවිමට පිලියමක් වශයෙන්.

          ඩියුටරියම් හා  ට්‍රිටියම් මෙම්බර්ෂිප් එක තියෙන අයට නම් මිනී ඹලු දැන්වීම් එන්නේ නැහැ.ඉතිං
          ඒ වගේ මෙම්බර්ෂිප් එකකට කැපවීමෙන් වැඩ කරලා ගියොත් හොද ප්‍රතිඵල ගන්න එක අමාරු
          නැහැ.මෙම්බර්ෂිප් ගෙවලා ගන්න(Account ) එක අනිවාර්ය නැහැ.අවශ්‍ය නම් ප්‍රෝටියම් එකේ
       උනත් දිගටම වැඩ කරන්න පුලුවන්.Register වෙන්න මෙතනින් යන්න.
       
     
         05.GPT Network

                       


                 මේකත්  අලුතෙන් පටන් ගත්ත ‍හොද ගෙවීම් කරන වෙබ් අඩවියක්. මේ අඩවියේ දැන්වීම්
         ගෙවීම් වන්නේ 0.01 දැන්වීම් හා 0.005 වටිනාකමකින් යුතු දැන්වීම් දිනකට 25ක් පමණ ලැබේ.referral
         link නැතිව ලියාපදිංචි වි වැඩ කරන විට නම් එතරම් දැන්වීම් ලැබෙන්නේ නැහැ.ඒක බොහෝ PTC
         අඩවියකටම පොදු ලක්ෂණයක්.ඔබ යම් කෙනෙක් මාර්ගයෙන් යම් අඩවියකට සම්බන්ධ වි වැඩ
         කරන විට ඔබට ලැබෙන දැන්වීම් ප්‍රමාණය වැඩි වන අතර එසේ නොමැතිව කෙලින්ම ඔබ එම අඩවි
         වල ලියාපදිංචි වි වැඩ කරන විට ඔබට ලැබෙන්නේ අඩු දැන්වීම් ප්‍රමාණයක්.මේ වෙබ් අඩවියේත්
         Earning Options ලෙස ඇති Rent referral,Adgrid යන Options වලින් ඔබගේ Account අගය වැඩි කර
         ගත හැකිය.මෙතනින් ගිහින් Register වෙන්න පුලුවන්.

        ඇත්තටම ඇඩ් ක්ලික් කිරීම අන්තර්ඡාලය තුල කරන්න පුලුවන් පහසු රැකියාවක්.ඇඩ් ක්ලික්
      කිරීම තුලින් පමණක් මුදල් උපයන්න නොයා ඒ හැම සයිට් එකකම ඇති අනෙත් ඉපයීම් අවස්ථා
      වලටත් යන එක තමයි ඉපයීම වැඩි කර ගන්න මග.උදාහරණයක් ලෙස Adgrid,progrid වැනි
      grid ක්ලික් කිරීමේදි ඔබට ලැබෙන්නේ කුඩා කොටු වලින් සමන්විත එක් විශාල කොටුවකි.
      මෙම කුඩා කොටු මත ක්ලික් කල යුතු අතර එය යොමු වන්නේ අනුග්‍රාහක වෙබ් අඩවියකටය.
      මෙම ක්ලික් කිරීමේදිත් (ඇඩ් ක්ලික් මෙන්)තත්පර කිහිපයක් දැන්වීම කියවීමෙන් ක්ෂණික ඉපයීම්
      අවස්ථා ලබා ගත හැකිය.තවද Rent referral කිරීමේදි ඔබගේ ගිණුමෙන් මුදල් ගෙවා සීමාසහිතව
      Rent referralලා ලබා ගත හැකිය.මේ කුලියට ගත් referralලා යනු එම වෙබ් අඩවිය විසින් අපට ලබා
         දෙන අයයි.අපි කුලි කාරයන් 5ක් මිලදි ගත්තේ යැයි සිතන්න.මේ කුලි කාරයන් (Rent referral) ක්ලික්
         කරන සෑම දැන්වීමකටම අපටත් කොමිස් මුදලක් ලැබේ.එක් අයෙක් දැන්වීම් 20ක් ක්ලික් කල
      හොත් මුලු දැන්වීම් 100කි.මේ ගණන කුලි කාරයන් 05 දෙනෙකුගෙනි.Rent referralලා හැකි
        පමණ මිලට ගැනීම මගිනුත් ආදායම වැඩි කර ගත හැකිය.තවත් අවස්ථාවක් වන්නේ Direct Referral
         ලබා ගැනීමයි.මෙහිදි සිදු වන්නේ අප විසින් තවත් අය එම අඩවියට සම්බන්ධ කිරීමයි.මෙහිදීද අප
         විසින් සම්බන්ධ කල අය කියවනු ලබන සෑම දැන්වීමකටම අපටත් කොමිස් මුදලක් ලැබේ.තවත්
      අය සම්බන්ධ කිරීම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් මගින් සිදු කල හැකිය.

          ඉතිං ගොඩක් අය මේ ගැන දන්නවා ඇති නොදන්න අයට ප්‍රශ්ණයක් ඇති මෙසේ උපයන මුදල් අපේ
        අතට ලබා ගන්නේ කොහොමද කියලා ඇත්තටම අපි උපයන ඒ මුදල් On line Bank Account එකක්
        හරහා අප රටේ බෑන්ක් Account එකකට බැර කර ගන්න පුලුවන්.අන්තර්ඡාල බැංකු පහසුකම් සපයන
        විශ්වාසවන්ත වෙබ් අඩවියක (payza,paypal,Skrill)ගිණුමක් සදා ගෙන ඒ හරහා චෙක් පත් මාර්ගයෙන්
        අප නිවසටම හෝ Account එකකට බැර කර ගන්න පුලුවන්.අවශ්‍ය නම් payneer වැනි වෙබ් අඩවියක
        මාර්ගයෙන් ගිණුමක් සදා එය විසින් නිකුත් කරනු ලබන Master Card එක අප නිවසටම ගෙන්වා ගන්න
        පුලුවන්.
   
        On line Bank Account එකක් හදන්නේ කොහොමද ,ඒ  හරහා අපි උපයන මුදල් අපේ අතට ගන්නේ
        කොහොමද,අපිටම කියලා බ්ලොග් එකක් හදා ගන්න හැටි,අපි වැඩ කරන PTC  sites  වල ලින්ක්
        අපි හදා ගන්න  බ්ලොග්  එක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරලා referralලා වැඩි කර ගත හැකි අයුරු හා අන්තර්
        ඡාලය හරහා කරන්න පුලුවන් අනෙකුත් රැකියා ගැන ඉදිරියේදි පල කරන්න බලාපොරොත්තු වෙමි.
        එසේනම් ගිහින් එන්නම්.
                 
                                                   

Saturday, March 1, 2014

යමුද බලන්න මොණරාගල අපූරු තැනක්

          අපි කවුරුත් කැමතියි පරිසරයේ සුන්දර තැන් රස විදින්න.ගැවසෙන්න.ඊට පස්සේ මාර spot එක
බන්, කියලා කවුරු හරි යාලුවෙක්ට කියන්නත් හරිම කැමතියි නේද.ඡීවිතයේ පවුල් බැදීම්, වගකීම් වලට
හිරවෙලා එක පාරටම පරිසරයට එබී බලනකොට හැම ප්‍රශ්ණයක්ම මොහොතකට අමතක වෙලා අලුත්
හැගීමක් දෙනවා.මමත් පෞද්ගලිකව එහෙම කෙනෙක්.ඡීවිතයටම නොගිය ලෝකයේ තිබෙන  සුන්දර
තැන්,පුදුම හත වගේ තැන් වල photos,videos පවා අන්තර්ජාලයෙන් අරගෙන ඒ දිහා බලලා හරි මම රස
විදිනවා.
                       ඉතිං අපේ ගම මොණරාගලනේ.අපේ ගමේ සුන්දරත්වය පවා අපට හරියට වැටහෙන්න
ගමෙන් පිට වෙන්නම ඕන.ඉතින් ඒ විදිහට පසුගිය දිනවල ගමේ ටික කාලයක් ඉන්න අවස්ථාව ලැබුනා.
ගමත් දැන් හරිම දියුණුයි.දැන් ගැමි බව ගිලිහි යමින් පවතින්නේ.පාර දිගේ හෙවන දුන්න අති විශාල මාර
ගස්,නාගරික උද්‍යානය මොනවත් නැහැ.හැම දෙයක්ම මහ පාරට යට වෙලා ගිහින්.සමහරක් දේශපාලන
අවශ්‍යතා වලට.ඉස්සර ගම මතක් වෙනකොට මැවෙන්නේ හරි අපූරු චිත්‍රයක්. ඉතිං කතාවට එමු  මගේ
මිත්‍රයකු වන සුජිත් යෝජනා කලා මචං දිය ඇල්ලක් වගේ එකක් තියෙනවා  යමුද බලන්න කියලා .එහෙම
කිව්වේ කලකින් සෙට් වෙලා fun එකක් දාන්න කරුණු ගොනු කරන අතරතුර.මමත් ඒ වගේ තැන් වලට
කොහොමත් ආස නිසාත්,තැනත් ලග නිසාත් කැමති වුනේ එතැන එච්චර සුන්දර තැනක් වේවි කියලා
නොසිතා.
                            අපි මොණරාගල නගරයේ ඉදන් හුලංදාව හංදියෙන් දකුණ මාර්ගයේ දිගටම ඇවිත්
පන්සල පහුවුනාම හමුවෙන වැලි පාරට හරවලා දිගටම ආවා.එහෙම දිගටම ඇවිත් හුලංදාව  දකුණ වැවත්
පසු කරලා කි.මි.02 ක් විතර ගියාම (මේ තැන අයිති වෙන්නේ සුදුවතුරආරට කියලයි මා මිත්‍රයා කිව්වේ )
පයින් යන්න පුලුවන් ජලය හිදුනු ඇල පාරක් හමුවෙනවා. ඒ දිගටම උඩට යන්න ඕන.වතුර නම් ඇල පාරේ
හරිම අඩුවෙන් තිබුනේ,මොකද අපි ගියේ පෙබරවාරි මාසේ මුල් කාලයේ ඒ වෙන කොටත් මේ පැත්තට
මාස දෙකකින් විතර වැස්ස නැහැ.ඉතිං ඒ ඇල පාරේ මීටර් 20ක් විතර උඩට ගියාම තමයි මේ ලස්සන චූටි
දිය ඇල්ල පේන්නේ.



 ඉතිං ලගටම ගියාම  මේ   චූටි දිය ඇල්ල හරිම ලස්සනයි,සුන්දරයි.පොඩියට පෙනුනට මෙහි සාමාන්‍යයෙන්
ලොකු ජල ප්‍රමාණයක් තිබෙනවා.වතුර නිල් පාට ඉතාමත් පිරිසිදු වතුර.මිනිස් ඇසින් සැගවෙලා ඇති තැනක්
නිසා වටපිටාවත්,වතුරත් හරිම පිරිසිදුයි.දිය ඇල්ල වැටෙන තැන ගොඩක් ගැඹුරුයි.නානවනම් පරිස්සම් වීම
අවශ්‍යයි.

                                         
                                       මා මිත්‍රයාගේ උවමනාව මත අපි දිය ඇල්ල උඩටත් නැග්ගා.මම නම් මගේ ශරීරයේ
බර වැඩි කමට අපහසුවෙන් වුවත් එය නැරඹීමට තිබු උනන්දුව නිසාමයි එහි උඩට නැග්ගේ.ඒකත් හරිම අපූරු
විදිහට තමයි කඩා වැටීම සදහා ජලය එක් රැස් වෙන්නේ.ගල් වලින් වට වුන බේසමක් වගේ තැනකින් තමයි
වතුර එකතු වෙන්නේ.  වතුර එතනට එන්නේ ඒ ගල් යටින්.පහලින් තියෙන 1 රූපය බලන්න.

      
රූපය

     මාස දෙකකින් විතර වැස්ස නැති නිසා  මේ වතුර අඩු කාලයක්.හිතන්න වැස්ස තියෙන කාලයට මෙතන කොපමණ ලස්සනට ඇතිද.හරිම අපූරු අපි නොදන්න තැනක්.අවට පරිසරයත් හරිම  ලස්සනයි.
කලුවර ගස්,කුඹුක් ගස් වලින් වට වුන වට පිටාවත් ,පැත්තකින් තවත් දිය සිදුන ගල් තලාවක්.අපි ඒ තැන
වාඩිවෙලා අවට ඉරිගු හේනකින් ගත්ත ලා බඩ ඉරිගු පුලුස්සලා කෑවේ වේලිච්ච කලුවර කේාටු පත්තු කරලා.
විශාල කලුවර  ගසක් කැලැ හොරෙක්ගේ ග්‍රහණයට නතු වෙලා බිමට පතිත වෙලා තිබුනේ දුක් මුසුව.



   

            ඇත්තටම මේ තැන සංචාරයට කදිමයි.විනෝදයි.යන්න රස විදින්න.එතනදි පරිසරයට,සුන්දරත්වය
රැක ගැනීමත් අවශ්‍යයම දෙයක්.එතකොට තමයි රස විදීම දිගටම කරන්න පුලුවන්.ලෝකයෛ් පැවැත්ම
මුදලට,බලයට යට වෙන කාලයක පරිසරය වෙනුවෙන් පොඩි දෙයක් කරමු.නැවත හමුවෙමු.




                                                                                             



Friday, December 9, 2011

General Knowledge-(part one)

     ඉතින් කාලෙකින් post එකක් කරන්නත් බැරි වුනානේ.මම හිතුවා අලුත්ම විදිහේ කාලයට හරියන post  එකක් දෙන්න ඹ්න කියලා.මේ දවස් වල බුද්ධිමත් බව මනින  reality වැඩ සටහනුත් ටිකක්  තියෙනවානේ.
 ඒකත් හොද දෙයක්.මොකද ඔක්කොම නටන,ගයන superstars ලා වුනොත් දැනුමට,බුද්ධියට stars  නැතිවෙනවා.මම හිතුවා ඒ බුද්ධිමත් stars  ලා වෙන්න හදන අයට දන්න විදිහට චූටි සහයෝගයක් දෙන්න.
 මේක මේ සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ හා පිලිතුරු ටිකක්.

01. ශ්‍රි ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරයා වූවේ   - ශ්‍රිමත් ඔලිවර් ගුණතිලක මහතා

02. මුලින්ම කොලඹ නගරයට විදුලි බලය සපයන}-   1895
        ලද වර්ෂය
03. ශ්‍රි ලංකාවේ උසම බුදු පිලිමය වන්නේ            -   මාලිගාවිල   බුදු පිලිමය

04. අමූර් ගංගාව පිහිටා ඇත්තේ කුමන රටේද?     - රුසියාවේ

05. කතෝලික සභාවේ නායකයා වන්නේ            - පාප් වහන්සේ

06. මුල්ම රූපවාහිනිය නිපද වූයේ                       - ‍ඡෝන් ලොගි බෙයාඩ් විසිනි.

07.චීන මහා ප්‍රාකාරයේ නිර්මාතෘ වූවේ                -  ශින්සි අධිරාඡයා

08. ගන්නෝරු සටන සිදුවු වර්ෂය                      -  1637

09. ලෝකයො වැඩිම කාලයක් ඡිවත් වෙන        -  ඉබ්බා
        සත්වයා 

10. ලොව විසකුරුම සර්පයා වන්නේ                 -  කිංක්‍රෝබ්‍රා

11. හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික             -  මහා ශිව රාත්‍රි උත්සවය.
       උත්සවය වන්නේ    

12. සෝපියා අගනුවර අයත් රට                        -  බල්ගේරියාව

13. ලොව මිනිසුන් රැගෙන ගිය පලමු අභ්‍යව      -  ලූනා
      -කාශ යානයේ නම 

14. ඉංග්‍රිසි දැනුම සොයා බැලීමට කරන්නා වු     - ටෝපල් පරීක්ෂණය
       ඡගත් පරීක්ෂණය හැදින්වෙන්නේ 

15. පිල්ම් සෝල් රේඛාව යනු                           - මුහුදු නැව් වල බඩු පැටවීමේදි සම්මත 
                                                                         ගිලීම් දක්වන රේඛාව

16. මැග්නීසියම් ලෝහය නිපදවා ගැනීමට         -  කානලයිට්,මැග්නසයිට් සහ ඩොලමයිට්
     යොදා ගනු ලබන ඛණිඡ  වන්නේ  

17. ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ පලමු ශතකය -  චාල්ස් බැනර්මන් විසින්
       ලබාගත්තේ   

18. ශ්‍රි ලංකාවේ  ඡාතික සත්වයා වන්නේ            - දඩුලේනා

19. මෝටර් රථ ධාවන තරග පලමු  වරට පැවැත් - ප්‍රංශය
       වු රට

20. ලොව වෙසෙන විශාලම සත්වයා                 -  තල්මසා

21. “ටේල් ඔෆ් ටු සිටීස්“කෘතිය කාගේද?           - චාල්ස් ඩිකන්ස්ගේ.

22. එක් දිනකට ඇති තත්පර ගණන                  -  86400

23. මිනිස් සිරැරේ අපද්‍රව්‍ය පෙරාලන ඉන්ද්‍රිය       - වකුගඩු

24. ලෝක ගුරු දිනය යෙදි ඇත්තේ                  -  ඔකාතොම්බර් 06

25. පෘර්‍ථවියේ බහුලව ඇති මූල ද්‍රව්‍ය වන්නේ      -   මැග්නීසියම්


                  ඉතින් අදට මෙපමණයි.මේ සම්බන්ධව තවත් post දෙන්න බලාපොරොත්තු
වෙමි.වැදගත් යයි හිතෙන අය මෙය බලලා පොඩි comment පාරක් දාලා යන්න.ඡයවේවා.
    

Wednesday, July 20, 2011

Dialog අයගේ අපූරු Reload තෑග්ග.

                             මමත් ඉතින් Dialog පාරිභෝගිකයෙක්නේ.ඉතින් හරියටම පසුගිය අප්‍රේල් මාසයේ මම රු50ක් Reload කලා මගේ  Dialog pre paid phone sim එකට.ඔන්න පැයකට විතර පස්සේ message එකක් එනවා "Dialog  
දවසේ Reload වාසනාවන්තයගෙන් ඔබත් එක් අයෙක් ඔබ විසින් vodafone 150 වර්ගයේ mobile phone එකක් දිනා ගෙන ඇති බව සතුටින් පවසන බවත් ඉදිරි සති දෙක ඇතුලත අප විසින් ඔබව සම්බන්ද කර ගනු ලබන බවත්ය.අන්න ඕක තමයි message එක.
                         
                              ඉතින් ඊට පස්සේ මටත් ටිකක් විතර සතුටුයි මොකද නිකම් ලැබෙනවානම් දෙමල පත්තර නේද?මම call කරා Dialog එකට මේක ගැන අහන්න.ප්‍රතිචාර ලැබුනේ ලස්සනට හැඩ වැඩ දාලා කථා කරපු lady
කෙනෙක්ගෙන් එයා කාරණේ සනාථ කරන ගමන් "sir ඔය  phone එක market එකේ 8000 rupees විතර වෙනවානේ කියලා එයා කථාව අවසන් කලානේ......

                                  ඉතින් මමත් නිකමට වගේ  phone එක ගැන හොයන්න log වුනා.අනේ.... ඒ  phone එක
හරිම බාල ලංකා‍වේ සල්ලි වලින් රුපියල් 1500 කටත් අඩු  phone එකක්නේ.ඒත් කමක් නැහැ නිකම්ම ගෙදරටත්
ගෙනත් දෙනවා කිව්වනේ.ඉතින් සති දෙකත් පහු වුනා Dialog එකෙන් කිසිම කතාවක් නැහැ.මමත් ඉතින් calls දෙක තුනක්ම ගත්තා.පස්සේ තවත් සති දෙකකින් විතර ගෙදරටම ගෙනත් ඔය යට පින්තූර වල තියෙන phone පොඩ්ඩව මට ගෙනත් දුන්නනේ.




                  අනේ හරිම බාල phone පොඩ්ඩෙක්.display එකේ ගහන නම්බර් එක වත් සම්පූර්ණයෙන් පේන්න
වත් ඉඩක් නැහැ.කමක් නැ ඉතින් නිකම්නේ......මම වෙනත් connection එකක් පාවිච්චි කරන්න අවශ්‍යතාවයෙනුත් හිටිය නිසා මම Etisalat sim එකක් ඒකට දැම්මනේ අනේ බලන්නකෝ ඒකත් connection lock එකක් දාලානේ අච්චර බාල  phone පොඩ්ඩටත්.අපූරු තෑග්ග..ඒකත් කමක් නැ ඉතින් නිකම්නේ කියලා හිතාගෙන Dialog sim එකක්ම දාගෙන සති දෙකක් විතර පාවිච්චි කලා.අනේ දැන්නම්  phone පොඩ්ඩා හොදටම ලෙඩ වෙලා.call එකක් ගන්නත් බැහැ.answer කරන්නත් බැහැ.button එකක්වත් press කරන්නත් බැහැ. phone එක හදන්න යන සල්ලි වලින් ඒ වගේ එකක් ගන්නත් බැරි ඇයි නේද?ඒ නිසා මම හිතුවා Dialog මතක් වෙන්න ඒක පෙට්ට ගමේ දාලා අරන් තියනවා කියලා.


පසුවදන හැටියට - මේකත් සදහන් කරන්නම්.මේක නිකම් දුන්න දේ වටින්නේ නැතිව විවේචනය කිරිමක් නොවේ.ඔය වගේ නම තියෙන ආයතන දැන ගන්න ඕන තමන්ගේ නම රැක ගන්නේ කොහොමද කියලා.පාරිභෝගිකයන්ව මුලා කරන්න හැම දාම එයාලට බැහැ.තවම 17-18 සියවස් නොවෙයිනේ නේද?අපරාදේ මගේ  calls වලට ගිය සල්ලියි .කාලයයි.බොහෝම ස්තූතියි  Dialog ඔබලාගේ අපූරු තෑග්ගට.

Wednesday, June 22, 2011

බස අපේ නොවුනත් අපේ හැගීමෙන් රස විදින්න මේ සුන්දර පද පෙල......

                              Hey baby, when we are together, doing things that we love.    
                         Every time you're near I feel like I’m in heaven, feeling high
                                        I don’t want to let go, girl.
                                       I just need you to know girl


                         I don’t wanna run away, baby you’re the one I need tonight,
                                                No promises.
                      Baby, now I need to hold you tight, I just wanna die in your arms
                                               Here tonight


                          Hey baby, when we are together, doing things that we love.
                           Everytime you're near I feel like I’m in heaven, feeling high
                                           I don’t want to let go, girl.
                                          I just need you to know girl

                           I don’t wanna run away, baby you’re the one I need tonight,
                                                No promises.
                        Baby, now I need to hold you tight, I just wanna die in your arms

                   I don’t want to run away, I want to stay forever, through Time and Time..
                                                   No promises

                                I don’t wanna run away, I don’t wanna be alone
                                                  No Promises
                            Baby, now I need to hold you tight, now and forever my love

                                                  No promises

                           I don’t wanna run away, baby you’re the one I need tonight,
                                                  No promises.
                         Baby, now I need to hold you tight, I just wanna die in your arms

                          I don’t wanna run away, baby you’re the one I need tonight,
                                                       No promises.
                         Baby, now I need to hold you tight, I just wanna die in your arms
                                                      Here tonight. 


                                                                     ගායනය-Shayne Ward